ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ අද (29) උදෑසන ඔවුන්ට නියමිත රාජකාරී ආරම්භ කළා.
යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දෙන්නේත්, ප්‍රධාන නිරීක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේත්, නාචෝ සැන්චේස් අමෝර් මහතායි..
යුරෝපා සංගමය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධාන නිරීක්ෂකයන් ගණන 10 ක්.
ඊට අමතරව, රට පුරා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයන් 26 දෙනකු සම්බන්ධ වනු ඇති.