Sun. Apr 27th, 2025

හමුදාවේ ආහාර සලාක දීමනාවත් වෙනස් වෙයි

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක දීමනාව ලබන ජනවාරි මස සිට ඔවුන්ගේ මාසික වේතනයට එක් කිරීමට අදහස් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කරනවා.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

එමගින් හමුදා සාමාජිකයින්ගේ මූල්‍ය ශක්තිය වඩාත් ස්ථාවර වන බවත්, ඒ ඔස්සේ මූල්‍ය විනිවිද භාවය සහ වගවීම වඩාත් තීව්‍ර වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *