ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට නව සභාපතිවරයකු පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එයට පෙර වත්මන් සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම තනතුරින් ඉවත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.
ඒ අනුව ස.ජ.බ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත්කෙරෙනු ඇතැයි බවයි ජාතික පුවත්පතක් වාර්තාකර සිටින්නේ.
ඒ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සංවිධායක පදවිය දරන කැලණිය ආසන සංවිධායක පදවියෙන්ද ඔහු ඉවත් කිරීමට නියමිතයි.
කැලණිය නව ස.ජ.බ සංවිධායකවරයා ලෙස මෑතකදී ස.ජ.බ.ට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත්කෙරෙනු ඇතැයි සජබයේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර තිබෙනවා.