Fri. Jun 27th, 2025

එන්නතක් නිසා සිසුවියන් 05ක් රෝහලේ

Oct17,2024 #health #hospital #students #vaccine

ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන HPV එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල්ගත කර ඇතැයි අඟුරුවාතොට පොලීසිය පවසනවා.

අඟුරුවාතොට වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ හත් වන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියන් පස් දෙනෙක් මෙසේ රෝහල්ගත කර තිබෙනවා.

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් පැමිණ එම පාසලේ හත් වන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් 26 දෙනෙකු උදෙසා මෙම එන්නත ලබා දී තිබුණා.

එන්නත ලබා ලබාදී මඳ වේලාවකින් අනතුරුව සිසුවියන් පස්දෙනෙකුට හිසේ රුදාව, උදරය වේදනාව, හා ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් මිල්ලනිය සෞඛ්‍යාය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින්ම රෝගාතුර වූ එම සිසුවියන් හල්තොට  ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම රෝහලේදී මූලික ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර, අඟුරුවාතොට පොලිසිය විසින් ඊට අදාළ විමර්ශන සිදු කිරීමට නියමිතයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *