දකුණු කොරියාවේ ධිවර අංශයේ රැකියා සඳහා ලංකාවේ කාන්තාවන්ටත් මේ වන විට අවස්ථාව හිමි වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.
ඊයේ (25) ධීවර අංශයේ රැකියා සඳහා අවස්ථාව හිමිවූ 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කොරියාව බලා පිටත්ව ගිය බවත් ඒ අතර කාන්තාවන් තිදෙනෙකු වන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.
දකුණු කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම රැකියා අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.