මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදාගත් ලොරෙන්සෝ පුතා හතර බහුධින යාත්‍රාව එහි ධීවරයින් 6 දෙනා ද සමඟ මාස පහකට පසු දික්ඕවිට වරායට පැමිණියා.
මෙම වසරේ ජනවාරි 17 වනදා ලොරෙන්සෝ පුතා හතර ධීවර යාත්‍රාව ධීවර කටයුතු සදහා තම මංගල ගමන ආරම්භ කළේ දික්ඕවිට වරායෙන්.
ඊට ධීවර සාමාජිකයින් 6 දෙනෙකු එක්ව සිටියා.
එම යාත්‍රාව ජනවාරි 27 වනදා ආරාබි මුහුදේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වුණා.
කෙසේ වුව ද සීෂෙල්ස් වෙරළාරක්ෂක බලකාය මගින් යාත්‍රාව හා ධීවරයින් බේරා ගැනුනු අතර ඊට නාවික හමුදාව, ධීවර අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධීකරණයෙන් දායකත්වය ලබාදී තිබුණා.
මාස 5කට පසු මෙම ධීවර යාත්‍රාව ධීවරයින් 6 දෙනා ද සමග ඊයේ රාත්‍රීයේ දික්ඕවිට වරායට පැමිණියා.