ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේදි වීදි සංචාරය කෙරෙනවා.
ඒ පස්වරු 6.45 ට යෙදෙන සුභ මොහොතින්.
රන්දෝලි පෙරහැර අද සිට වීදි සංචාරය කෙරෙනවා. අවසන් රන්දෝලි පෙරහැර ලබන 19 වනදා රාත්‍රියේ වීදි සංචාරය කිරිමටයි නියමිතයි.
පළමු රන්දෝලි පෙරහැර අද දළදා වීදිය / ඩී එස් සේනානායක වීදිය / පන්සල පාරෙන් ඉහළට පැමිණ කොළඹ වීදිය / ඊ එල් සේනානායක වීදිය / හරස් වීදිය / ඩි එස් සේනානායක වීදිය / රජ වීදිය ඔස්සේ ඉහළට පැමිණ ගෙවැදීමට නියමිත බවයි දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා සදහන් කළේ.
ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර පසුගිය 10 වනදා සිට දින 5 ක් වීදි සංචාරය කෙරුණා.
අවසන් කුඹල් පෙරහැරයි ඊයේ රාත්‍රියේදියි වීදි සංචාරය කෙරුණේ. සධාතුක කරඩුව වැඩම කරවුයේ කතරගම වාසනා හස්තියා මතයි.