ඊයේ (16) දිවයිනේ ස්ථාන දෙකක හදිසියේ ගිනිගැනීම් දෙකක් ඇති වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි වෙළෙඳසැලක ඊයේ (16) හදිසි ගින්නක් ඇති වී තිබෙන බව දඹුල්ල පොලීසිය පවසනවා.
කාඩ්බෝඩ් පෙට්ටි සහ කෘෂි උපකරණ අලෙවිසැලක් මෙසේ ගින්නෙන් විනාශ වී ඇති අතර හදිසියේ ඇති වූ විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇති බව පොලීසිය සැක පළ කරනවා.
මේ අතර පුඬළුඔය, ෂීන්වත්ත වතු යායේ ඊයේ (16) රාත්‍රියේ ඇති වූ ගින්නකින් නිවාස 17ක් විනාශ වී තිබෙනවා
එම නිවාසවල පදිංචි පවුල් 27කට අයත් 87 දෙනෙකු මෙම ගින්නෙන් අවතැන් වී ඇති අතර එම පිරිස අතර ගැබිණි මව්වරුන් තිදෙනෙකු සහ නව මාසයක ළදරුවෙකු ද සිටින බව ද පඬළුඔය පොලීසිය ප්‍රකාශ කළා.