Sun. Jun 29th, 2025

රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට

Jun11,2024

රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමේ ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කෙරුණා.

රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමේ ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

දකුණු ආසියානු කලාපයේ මෙවැනි ප්‍රඥප්තියක් සකස් කළ පළමු අවස්ථාව මෙයයි.

අවසන් කෙටුම්පත සෞඛ්‍ය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනු කමිටුව සහ එහි විද්වත් මණ්ඩලය මගින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් හා මගපෙන්වීම මත සකස් කර තිබෙනවා.

සෞඛ්‍ය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් පත්කළ අනුකාරක සභාවේ සභාපති වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා / සෞඛ්‍ය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මයන්ත දිසානායක මහතා වෙත කෙටුම්පත පිළිගන්වනු ලැබුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *