Sat. Jun 28th, 2025

චිත්‍රපට සංස්ථාව මහදිවුල්වැවට

Dec23,2024 #art #cinema #news

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සිනමාවේදී සුදත් මහදිවුල්වැව පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත් කිරීම අද (23) දිනයේ සිදු කළ බවයි සඳහන් වන්නේ.

මහදිවුල්වැව වයස 21 දී රූපවාහිනී ටෙලි කතා මාලාවක් අධ්‍යක්ෂණය කර ශ්‍රී ලංකාවේ ලාබාලතම අධ්‍යක්ෂවරයා බවට පත් වූවා. සිනමා අධ්‍යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක්, නිෂ්පාදන කළමනාකරුවෙක්, වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙක් සහ සිනමාකරණ ගුරුවරයෙක් ලෙස කටයුතු කර ඇති මහදිවුල්වැව ක්ෂේත්‍රයේ පිළිගත් ප්‍රාමාණිකයෙක් බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *