Thu. May 1st, 2025

ඇමැති තටු කැපෙන්නට යන තවත් කිහිප දෙනෙක්

Sep11,2024 #minister #pohottuwa #ranil

ඉදිරි දින කිහිපය තුළ තවත් අමාත්‍යවරු කිහිප දෙනෙකු එම ධුරයන්ගෙන් ඉවත් කිරීමට නියමිත බව ආණ්ඩුවට සම්බන්ධ ප්‍රමුඛතම දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

එසේ ඉවත් කිරීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන්ට ඉල්ලා අස් වන ලෙස විවිධ පාර්ශ්ව ඔස්සේ විශේෂ ඉල්ලීම් හා දැනුම්දීම් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

ගෙවුණු දින කිහිපය තුළ රාජ්‍ය අමාත්‍යවරුන් 09 දෙනෙකු ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම ධුරයන්ගෙන් ඉවත් කළා.

ඊයේ (10) කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ, වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන අය රාජ්‍ය අමාත්‍ය ධුරයන්ගෙන් ඉවත් කළා.

එයින් ගීතා කුමාරසිංහ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහය පළ කරන අතර සෙසු සිව්දෙනා නාමල් රාජපක්ෂට සහය පළ කරනවා.

මීට දින කිහිපයකට පෙර රාජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉවත් කළ ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ සිරිපාල ගම්ලත් යන අය ද නාමල් රාජපක්ෂට සහය පළ කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *