Sat. Jun 28th, 2025

100ට වී අරන් හාල් කිලෝ එක ගිනි ගාණට දෙනවා- ගොවීන්!

Dec12,2024 #news #sl economy #slpolitics

පසුගිය කන්නයේ තමන්ගෙන් රුපියල් 100ට වී කිලෝවක් මිලට ගත් වී මෝල් හිමියන් එම වී කොටා සහල් කිලෝව ඉතා විශාල මිල ගණනකට අලෙවි කරන බව නාමල් ඔය ගොවි අයිතීන් සුරැකීමේ සංවිධානය චෝදනා කරනවා.

තමන් රුපියල් 100ට වී විකිණුවේ මේ වැනි ගිනි ගණනකට ජනතාවට සහල් ලබා දීමට නොවන බවත් මේ සම්බන්ධයෙන් රජය අනිවාර්යයෙන් ක්‍රියා කළ යුතු බවත් ඔවුන් අවධාරණය කළේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

රජය ඉදිරියේදී වී මිල ගැනීම සිදු කළ යුතු බවයි ඔවුන් කියා සිටියේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *