Fri. Jun 27th, 2025

වැව වාන් දානවා බලන්න ගිහින් වානටම වැටී නසී

Nov29,2024 #2024 #news #police

වව්නියාව මහකච්චකොඩිය ඒරුපතාන වැවේ වාන් ජලයට හසුව ගසාගෙන යාමෙන් තරුණයෙකු මිය ගොස් ඇතැයි මාමඩුව පොලීසිය පවසනවා. මිය ගිය අය තවත් තරුණයින් පිරිසක් සමග පවතින අයහපත් කාලගුණය පැවති අවස්ථාවේදී ඒරුපතානේ වැව වාන් දැමීම බැලීමට ගොස් ඇති අතර එහිදී වැවේ වානේ ගසාගෙන යන ජලයට තරුණයා හදිසියේම වැටීම හේතුවෙන් ගසාගෙන ගොස් ඇති බව හෙළිව තිබෙනවා.

මිතුරන් සහ අසල්වාසීන් එම අවස්ථාවේ ගසාගෙන ගිය තරුණයා බේරාගැනීමට දැඩි උත්සහයක් ගත්තද එය අසාර්ථක වී ඇති අතර තරුණයා අතුරුදහන් වී තිබුණා.

පසුව ප්‍රදේශවාසීන් විසින් සෝදිසි කොට එය අසාර්ථක වීමෙන් අනතුරුව නාවික හමුදාවේද සහයෙන් පැය කිහිපයක් සිදුකරන ලද සෝදිසියකින් අනතුරුව සැඩපහරට හසුව ලී කොටයක සිරවී දියේ ගිලීමෙන් මිය ගොස් සිටි තරුණයාගේ මළ සිරුර හමු වුණ බව සඳහන්.

මෙසේ මියගොස් සිටියේ ඒරුපොතාන ගමේ පදිංචි 31 හැවිරිදි හසාන් චිරන්ත ගුණවර්ධන නැමති තරුණයෙකු බවට පරික්ෂණ සිදුකරන මාමඩුව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

*රොමේෂ් මධුශංඛ – වන්නි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *