Sat. Jun 28th, 2025

කල් ඉකුත් වූ සහල් බෙදා දුන් සහල් සහනාධාරය

Apr26,2024

මුලතිව් කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දිළිඳු පවුල් වෙනුවෙන් රජය මගින් ලබාදෙන සහල් සහනාධාරයට කල් ඉකුත් වූ සහල් ලබා දී ඇතැයි ප්‍රදේශවසී ජනතාව චෝදන කරති.

කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දිළිඳු පවුල් වෙනුවෙන් මෙම සහල් සහනධරය බෙදාදීමේ කටයුතු සිදුකිරීමේදී මෙම ගැටලුව මතුව තිබුණි.

ඒහිදී සහල් සහනාධාරය ලැබූ ජනතාව සහල් පරික්ෂා කිරීමේදී සහල් දුර්වර්ණ වී තිබීම හේතුවෙන් වැඩිදුර පරික්ෂ කිරීමේදී අනවරණය වී ඇත්තේ සහල් කල් ඉකුත් වීමේ දිනය 2024 මාර්තු මස 25 වනදා බවටය.

මේ පිළිබඳව කරෙයිදුරෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් එම්. උමාමගලි මහත්මියට දැනුම් දීමේදී පවසා සිටියේ සහල් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිළි කිහිපයක්ම ලැබි ඇති හෙයින් කල් ඉකුත් වී ඇත්නම් අදාල සහල් වෙනුවට හොඳ තත්වයේ සහල් නැවත ලබාදීමට පියවර ගන්නා බවටය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *