හිටපු ජනපති රනිල් වික්රමසිංහ ඉන්දියානු සංචාරයකට පිටත්ව යන බව වාර්තා වෙනවා. ඔහු දෙමසක් තුළ ඉන්දියාව වෙත යන දෙවැනි අවස්ථාව මෙයයි.
මෙහිදී ඔහු විශේෂ හමුවීම් කිහිපයකට සහභාගි වීමට නියමිත වන අතර හිටපු ඉන්දීය ජනපති අතල් බිහාරි වජ්පායි අනුස්මරණ දේශනය පැවැත්වීමට ද නියමිත බව පැවසෙනවා.
සතියක පමණ කාලයක් හිටපු ජනපතිවරයා ඉන්දියාවේ සංචාරය කරන අතර එරට පෞරාණික ස්ථාන වෙත යෑමටද අදහස් කරන බවයි සඳහන් වන්නේ.