Sat. Jun 28th, 2025

ජනපතිට සහාය දුන් සියල්ල පොහොට්ටුවෙන් ඉවතට?

Jul31,2024 #breaking news #srilanka

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණයට එරෙහිව යන සියලු මන්ත්‍රීවරුන් දැරූ වගකීම්වලින් ඉවත් කිරීමට සැලසුම් කර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු සැලසුම් කර ඇති බවයි වාර්තාවන්නේ.

ඒ අනුව ආසන සංවිධායක ධුර මෙන්ම පක්ෂයේ නිලතලවලින් ඔවුන් ඉවත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

අදාළ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීමෙන් පසු මෙම තීරණයට එළඹ තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා (29) තීරණය කළේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමටයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92ක් ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන බව දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (30) පස්වරුවේ නිවේදනය කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *