වතු කම්කරු වැටුප වැඩි කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කළ බවත් එම තීරණයට එකඟ නොවුනහොත් රජයට අයත් වතුසියල්ලම යළි රජයට පවරා ගැනීමට තීරණය කර තිබෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය ලබන මාසයේ සිට සියලුම වතු හාම්පුතුන් විසින් ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යවරයා පැවසීය.
කුඩා තේ වතු හිමියන් දැනටමත් අවම වැටුපට වඩා වැඩි මුදලක් තම සේවකයන්ට ගෙවන බව පිළිගත් අමාත්‍යවරයා රජයෙන් පෞද්ගලික අංශයට පවරා ඇති දේශීය වතු සමාගම්වල වැටුප් ප්‍රශ්නය තවමත් පවතින බව පැවසීය.
අවම වැටුප ක්‍රියාත්මක නොකරන වතු සමාගම් රජයට පවරා ගැනීමේ පනත් කෙටුම්පතක් සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.