Wed. Apr 30th, 2025

ජනාධිපතිවරණය නිසා ප්‍රසංග කර්මාන්තයට වාරණ

ජනාධිපතිවරණය අවසන් වන තුරු රට පුරා පැවැත්වෙන ප්‍රසංග සහ සැණකෙළි සඳහා පොලිසිය අවසර නොදීම හේතුවෙන් ප්‍රසංග කර්මාන්තයෙන් රැකෙන විශාල පිරිසක් පීඩාවට පත් වී ඇති බව ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමය ප්‍රකාශ කරනවා.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද පැවසුවේ මේ තීරණය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල කල් තියා සූදානම් කර තිබූ සැණකෙළි සහ ප්‍රසංග විස්සකට වැඩි ප්‍රමාණයක් නතර කිරීමට සිදුවූ බවයි.

මෙම තීරණය නිසා ප්‍රසංග සංවිධායකවරුන්ගේ සහ එයින් යැපෙන පුද්ගලයන්ගේ පවුල් ජීවත් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන සභාපතිවරයා මැතිවරණ නිසා සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවිය යුතු බව ද ප්‍රකාශ කළා.

එසේම තමන් මුහුණ දෙන මෙම ගැටලුව පිළිබඳ අවධානය යොමු කරන අපේක්ෂකයෙකු වෙත මෙම ජනාධිපතිවරණයේදී සහය පළ කරන බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *