සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දෙවන තරඟයේ එංගලන්තයේ පළමු ඉනිම ලකුණු 427කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණා.
එංගලන්තය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජෝ රූට් ටෙස්ට් පිටියේ සිය 33 වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 143ක් ලබා ගත් අතර එම ඉනිමත් සමඟ එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ඇලෙස්ටියාර් කුක් හා සමවීමට ඔහු සමත් වුණා. එසේම වත්මන් ටෙස්ට් පිටියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් අතරින් වැඩිම ටෙස්ට් ශතක ගණනක් හිමි ක්‍රීඩකයා බවට පත් වීමට ද රූට්ට මේ සමඟ හැකි වුණා. මෙය ඔහු ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ වාර්තා කළ 06 වැනි ශතකය වන අතර මයිකල් වෝගන් හා ග්‍රැහැම් ගූච් සමඟ ලෝඩ්ස් පිටියේ වැඩිම ශතක වාර්තා කළ ක්‍රීඩකයන් අතර සමතැන් ගැනීමට ද ජෝ රූට් සමත් වුණා.
මීට අමතරව ගස් ඇට්කින්සන් ද පන්දු 115කින් ලකුණු 118ක් ලබාගෙන වේගවත් ඉනිමක් දියත් කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඬුලු 05ක් දවා ගත් අතර මිලාන් රත්නායක සහ ලහිරු කුමාර කඬුලු 02 බැගින් දවා ගත්තා.
අද තරඟයේ දෙවැනි දිනයයි.