ලංකා විදුලිබල මණ්ඩලයේ නායකත්වයේ සහ කළමනාකාරීත්වයේ මෑත කාලීන වෙනස්කම් 2026-2027 දී මතුවන විදුලි අර්බුදය වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පදනමක් වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා.
පසුගිය වසර දෙකහමාරක කාලය තුළ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා යටතේ ලංකා විදුලිබල මණ්ඩලය දේශපාලනීකරණය වූ බවයි එම සංගමය අවධාරණය කරන්නේ.
සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨත්වය මත පුරප්පාඩු සපුරාලන ලද සාමාන්‍යාධිකාරී ඇතුළු ප්‍රධාන කළමනාකරණ තනතුරු දේශපාලනිකව පත්කරන ලද අතර එය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වයට විශාල පසුබෑමක් ඇති කළ බව ද ඔවුහු පෙන්වා දෙනවා.
කොළඹ පැවති ජනමාධ්‍ය හමුවකදී අදහස් පළකරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති සහ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ පෙන්වා දුන්නේ මෙම දේශපාලන පත්වීම් මූලික වශයෙන් ව්‍යාපාරික අවශ්‍යතා ඉදිරියට ගෙනයෑම ඉලක්ක කරගෙන සිදුකෙරුණු බවයි.
මතභේදයට තුඩු දී ඇති ද්‍රව ස්වාභාවික වායු (LNG) ටෙන්ඩරය ඇතුළු අනවශ්‍ය බලශක්ති ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම සහ පරිසරවේදීන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ විරෝධයට මුහුණ දී ඇති උතුරේ අදානි ව්‍යාපාර වැනි මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඒ සඳහා උදාහරණ ලෙස ඔහු පෙන්වා දුන්නා.
2023-2042 දිගුකාලීන ජනන ව්‍යාප්ති සැලැස්ම (LTGEP) කෙටුම්පතේ යෝජනා කර ඇති පරිදි පසුගිය වසර දෙකහමාර තුළ කිසිදු මහා පරිමාණ විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වූ බව ද ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති සහ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ වැඩි දුරටත් පැවසුවා.
ඒ වෙනුවට මිල අධික, අනවශ්‍ය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් පමණක් ඉදිරිපත් කරන ලද අතර ඒ කිසිවක් සාර්ථක වී නොමැති බව ද ඔහු පැවසුවා.
මෙම ප්‍රවණතා දිගටම පැවතුනහොත් 2026-2027 කාලය තුළ රට විදුලි අර්බුදයකට මුහුණ දිය හැකි බවයි ඔහු අනතුරු අඟවන්නේ.
කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය පත්කිරීමට රජය ගත් තීරණය ඔහුගේ පැසසුමට ලක් වුණා.
බුද්ධිය සහ ප්‍රවීණත්වය මත පදනම්ව සිදු කරන ලද මෙම පත්වීම් මගින් පසුගිය වසර කිහිපය තුළ සිදු වූ නායකත්ව දෝෂ නිවැරදි කිරීමට, විශේෂයෙන් විදුලි අර්බුදය මඟහරවා ගැනීමට උපකාරී වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළා.