දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවකයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගේ ප්රමාණවත් මැදිහත්වීමක් සිදු නොකළ බව පවසමින් එම අංගනයේ සේවකයින් රාජකාරිවලින් ඉවත්ව තිබෙනවා.
ඒ හේතුවෙන් දුම්රිය කීපයක් ප්රමාදවිය හැකි බවටයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
දෙමටගොඩ දුම්රිය අංගනයේ සේවය කරමින් සිටි මාතර ප්රදේශයේ පදිංචි කාර්මික ශිල්පියෙකු අතුරුදන්ව තිබෙනවා.
පසුව කළ සොයා බැලීමේ දී ඔහුගේ බවට සැක කෙරෙන පාවහන් යුගලයක් ධාවනාගාරයේ ළිදක් ආසන්නයේ තිබී හමුවූ බවටයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් දෙමටගොඩ අංගනයේ සේවකයින් පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගේ මැදිහත්වීම ප්රමාණවත් නොවන බවයි.
ඒ හේතුවෙන් රාජකාරිවලින් ඉවත්වීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයෙන් ආරම්භ වන දුම්රිය ප්රමාදයක් සිදුව ඇති අතර අද උදෑසන ධාවනයවීමට නියමිතව තිබූ උඩරට මැණිකේ, සහ පොඩි මැණිකේ දුම්රිය ද අවලංගු කර තිබෙනවා.