Sun. Jun 29th, 2025

ඇල්ල ඔඩිසි ටිකට් තත්පර 42න් විකිණෙයි: මහා ජාවාරමක් යැයි නි. ඇමැතිගෙන් පැමිණිල්ලක්!

Jan16,2025 #news #police
Ella Odyssey

විදේශිකයන්ගේ දැඩි ආකර්ෂණයක් දිනාගෙන ඇති උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ගමනේ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්පර 42ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීම පිටුපස මහා පරිමාණ වංචාවක් සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නි. අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

මේ සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි නි. ඇමැතිවරයා පැවසුවේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදීයි. ක්ෂණිකව අන්තර්ජාලය හරහා ටිකට් පත් සියල්ල මිලට ගන්නා ජාවාරමුන් රුපියල් 2000 ටිකට්පත කළුකඩ හරහා විදේශිකයන් වෙත රුපියල් 16000කට අලෙවි කරන බවයි පැවසෙන්නේ. මෙම ජාවාරම කොළඹ කොටුව, මහනුවර, ඇල්ල යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව සිදුවන බවත් එයට අසල ත්‍රීෙරා්ද රථ ගාල් කරන සමහර දෙනෙක්ගේ සහය හිමිවන බවත් තොරතුරු පවතින බව වැඩිදුරටත් සඳහන් වුණා.

වැඩිමිලට ටිකට් මිලට ගන්නා අයවළුන් නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමු නොවන බැවින් ඉදිරි ක්‍රියාමාර්ග ඇණ හිට ඇති බවයි පොලිස් ආරංචිමාර්ග පවසන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *