Sat. Jun 28th, 2025

අලි-මිනිස් ගැටුම ගැන ඔළුවෙන් හිටගෙනත් කියයි

Dec21,2024

පොළොන්නරුව ඇළහැර ගොවි ජනපදයේ එච්.එම්. උපුල් හෙට්ටිනායක ගොවි මහතා ඔළුවෙන් හිටගෙන මාධ්‍යට අදහස් දක්වනු ලැබුවා.

වසර ගණනාවක් සාමාන්‍ය ලෙස අලි-මිනිස් ගැටුම ගැන අදහස් දැක්වූවද බලධාරීන් ඇහුම්කන් නොදුන් බැවින් මෙසේ අදහස් දක්වන බව කී ඔහු කියා සිටියේ,

“ගොවිතැන් ගන්ඩ දෙයක් නෑ. මඤ්ඤොක්කා ගහක් හිටවලා කාපු දවසක් මතක නෑ. සේරම අලි වනසනවා. පරිසරවේදීන්, කෝටිපතියො වාහනවල යනවා. ඒ අයට අලි තර්ජන නෑ. අපේ අහිංසක මිනිස්සු බෙහෙත් ගන්න, ටවුමට බඩු ටිකක් ගන්න යන්නෙ පයින්. ඒ වෙලාවෙ කොයි මොහොතෙ අලියෙක් ගහලා මැරෙයිද දන්නෑ.”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *