Sun. Jun 29th, 2025

අලි ඇබැද්දියක්: දුම්රිය වාර කීපයක් අවලංගු වෙයි!

Oct18,2024 #2024 #news #police

කොළඹ-මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය සහ හිඟුරක්ගොඩ අතර දී අද (18) අලුයම ඉන්ධන ප්‍රවාහන දුම්රියක අලි රංචුවක් ගැටීම නිසා එම දුම්රිය පීලි පැන තිබෙනවා. ඒ නිසාවෙන් මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් ඇණ හිට ඇති බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසනවා.

මේ අනුව අද උදේ කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබු මීනගයා සහ මඩකලපුව සිට කොළඹ වෙත පැමිණීමට නියමිතව තිබු මීනගයා 2 ඇතුළු දුම්රිය කීපයක ගමන්වාර අත්හිටුවා තිබෙනවා.

වන අලි දෙදෙනෙක් මියගොස් තවත් කිහිප දෙනෙකු බරපතල තුවාල ලැබීමට මෙම අනතුර හේතු වී ඇති බවත් වාර්තා වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *