විදුලිය ගාස්තු අඩු නොකිරීමේ ලංවිම යෝජනාවට එරෙහිව යමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිය ගාස්තු පහත දැමීමේ යෝජනාව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
රජයේ ස්ථාවරය අනුව යමින් ලංවිම පසුගිය දා නිවේදනය කරනු ලැබුවේ විදුලි ගාස්තු මාස 6ක් යන තෙක් කිසිසේත් අඩු කළ නොහැකි බවයි.
එහෙත් මහජන උපයෝගිතා කොමිසම විසින් දිගටම කියා සිටියේ විදුලි ජනන වියදම අඩු කර ගැනීමට හැකි බැවින් විදුලි බිල අඩු කළ හැකි බවයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් අගය එකතු නොකරන ලද මිලකට ඉන්ධන ලබා ගෙන විදුලිය උත්පාදනය කරන්නේ නම් වසරකට රුපියල් කෝටි 5000ක් ඉතිරි කළ හැකි බව ද කොමිසමේ ආරංචිමාර්ග වාර්තා කළා.