Tue. Jun 24th, 2025

මැතිවරණ කටයුතු අවුල්: හම්බන්තොට දිසාපති ඉවතට!

Oct18,2024 #2024 #election 2024 #news

හම්බන්තොට මහ දිසාපති එච්.පී. සුමනසේකර ඉවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනපති ලේකම්වරයාගෙන් කළ ඉල්ලීමට අනුව ඔහු ඉවත් කර වෙනත් අයෙකු පත් කර තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ නීති සහ උපදෙස් පිළිපැදීමකින් තොරව මැතිවරණ සමයේ කටයුතු කළ බවට චෝදනා එල්ල වුණා.

ඒ අනුව ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයට අනුයුක්ත කර තිබෙනවා.

එම තනතුර සඳහා දැනට දකුණු පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු ග්‍රාමීය සංවර්ධන,

සංස්කෘතික කටයුතු, සමාජ සුභසාධන හා පරිවාස, ළමා රක්ෂණ සේවා, කාන්තා කටයුතු හා ගෘහ ආර්ථික නිවාස ඉදි කිරීම නිවාස රැකීරක්ෂා අමාත්‍යාංශය ලේකම් ලෙස කටයුතු කළ ඒ. බී. ඉන්ද්‍රජිත් ද සිල්වා පත් කරනු ලැබ ඇතැයි සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *