පැවැති ජනාධිපතිවරණය නිදහස් හා සාමකාමී ආකාරයෙන් පැවැති බව මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙනවා.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ජනමාධ්‍යවේදීන් අමතා මේ බව ප්‍රකාශ කර තිබුණා.
පශ්චාත් මැතිවරණ සමයේදීත් සාමකාමීව කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියා.