දීර්ඝ කාලයක් පුරාවට ක්‍රියාවට නැංවෙන දේශපාලඥයින්ගේ උපක්‍රමයක් ලෙස මැතිවරණයක් ආසන්නයේ රාජ්‍ය සේවයකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම පුදුමයක් නොවන බව මැතිවරණ නිරීක්ෂණ ආයතනයක් වන ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක ප්‍රකාශ කළා.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් වූ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීමට සම්බන්ධ මාධ්‍ය නිවේදනය නිකුත් කිරීම පිළිබඳ අදහස් දක්වමින්.
“ජනාධිපතිවරයා විසින් තමන්ගේ ජනාධිපති මාධ්‍ය අංශය උපයෝගී කර ගනිමින් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීම නීති උල්ලංඝණය කිරීමක්. මොකද ජනාධිපති මාධ්‍ය අංශය කියන්නේ රාජ්‍ය දේපළක්. ඒ වගේම මැතිවරණ නීතිය අනුව වැරදි දෙකක් සිදුකරනවා. එකක් අයුතු බලපෑමක් කිරීම. මේ හරහා ඔහුගේ ධුරය පවා අහිමි විය හැකි බරපතල මැතිවරණ වැරැද්දක් සිදුකර තිබෙන්නේ. 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ මැතිවරණ පනතේ 1 සහ 2 කියන වගන්තිය අනුව වැටුප් වැඩි කරනවා කියලා තැපැල් ඡන්දය පෙනෙන මානයේ සිදුකරන්නේ රාජ්‍ය සේවකයින්ට අයුතු බලපෑමක්. ඒ වගේම ජනාධිපතිවරණ මැතිවරණ පනතේ අංක 79 වගන්තිය ඔහු උල්ලංඝණය කර තිබෙනවා. ඒ ‘ප්‍රතිෂ්ඨාවක්’ ලබා දීම හරහා. මොකද පොරොන්දු දීලා සංග්‍රහ කිරීමක්, අල්ලස් දීමක් තමයි මේ හරහා බලාපොරොත්තු වන්නේ.”