මහමැතිවරණයට අදාළව මෙතෙක් සිදුකර ඇති ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පුළුල් වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමකට ප්‍රතිචාර දක්වමින් එම කොමිසම මෙම කරුණු ඉදිරිපත් කළා.
මහමැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසමෙන් නිරීක්ෂණ වාර්තා ඉල්ලා තිබුණා.
මෙම නිරීක්ෂණ වාර්තාවලට අනුව ලබන මස 4 වැනිදා සිය නිරීක්ෂණ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණේ පසුගිය මස 21 වැනිදායි.
මෙම පෙත්සම ගොනුකර තිබුණේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු සහ “අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ” කැඳවුම්කරු එච්.එම්. ප්‍රියන්ත හේරත් විසින්.
නාමයෝජනා කාලසීමාව සහ මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීම අතර කාලය පිළිබඳ ගැටළු හේතුවෙන් මැතිවරණ පනතේ විධිවිධාන උල්ලංඝණය වන බව පෙත්සමෙහි සඳහන් වෙනවා.