ගුරුවරුන් සඳහා ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහ සාදයක් දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් නතර කර ඇති බව ‘ලංකාදීප’ වාර්තා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන වජිර අබේවර්ධන, රමේෂ් පතිරණ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සහ සාදය සුදානම් කර තිබූ බවයි වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ.
ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත ක්‍රියාත්මක වූ මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් අදාළ රැස්වීම පැවති ස්ථානයට ගොස් එය තහනම් කොට රැස්ව සිටි පිරිස විසුරවා හැරිමට කටයුතු කර ඇති බව ද සඳහන් වෙනවා.