Wed. Apr 30th, 2025

ඡන්ද නීති කැඩිලි ගැන සකර්බර්ග්ටත් ලියලා

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළ සමාජ මාධ්‍ය ජාලවල පළ කරන ලද පෝස්ට් හැටකට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කරන ලෙස මෙටා ආයතනයට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරිනයක් උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.

මේ වනවිට ඒවායෙන් පෝස්ට් දහයක් පමණ ඉවත් කිරීමට එම ආයතනය පියවර ගෙන ඇති බව ද එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

සමාජ මාධ්‍ය ජාලාවල පළ වන මැතිවරණ නීති උල්ලංඝණය වන ආකාරයේ පෝස්ට් හඳුනාගැනීමටත්, ඒවා ඉවත්කිරීමටත් මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර එය මෙටා ඇතුළු සමාජ මාධ්‍ය ජාලා හිමි ආයතන සමග සම්බන්ධීකරණය වෙමින් ක්‍රියාත්මක වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *