Fri. Jun 27th, 2025

බිරියානි පාටියට මැතිවරණ කොමිසම ගිහින්

ස්වාධීන ජනාධිපති අපේක්ෂකයෙකුට සහය පළ කරමින් ගම්පොළ බෝතලාපිටියේ උත්සව ශාලාවේ පැවති ජන හමුවෙන් පසු සිය ආධාරකරුවන්ට දෙන්නට සූදානම් වූ සංග්‍රහය අවලංගු කරමින් එම ආහාරවලින් කොටසක් ගම්පොළ පොලීසිය භාරයට පත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබෙනවා.

රැස්වීමට පැමිණි සිටින ආධාරකරුවන්ට බිරියානි ලබාදීමට සූදානම්ව පවතින බවට මැතිවරණ කොමිසම වෙත ලැබුණ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කළ බව සඳහන්.

මෙහිදී ආධාරකරුවන් 1500 ක් සඳහා ආහාර ලබාදීමට සූදානම් කර ඇති අතර මෙම ජන හමුව සඳහා ප්‍රබල දේශපාලඥයින් පිරිසක්ද එක්වී තිබෙනවා.

‍අදාළ දේශපාලඥයින් පිරිස පැමිණීමට පෙර මැතිවරණ කොමිසමේ නිලධාරීන් පැමිණ මෙම ආහාර ඔවුන්ගේ භාරයට ගෙන තිබුණා.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව රාත්‍රී 9ට පමණ පැමිණි කථිකයින් රැස්වීම පවත්වාගෙන ගිය බවයි සඳහන් වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *