පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ලබන 12 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00ට අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.
අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව ඊයේ (03) දිනයේ දී ආරම්භ වී ඇති අතර අයදුම්පත් භාරගැනීමේ දිනය කිසිම හේතුවක් මත දීර්ඝ නොකරන බවයි එම කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
එසේම තැපැල් ඡන්ද අයදුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙතින් ලබාගැනීම හෝ මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියට (www.elections.gov.lk ) පිවිසීමෙන් බාගත කළ හැකි බව වැඩිදුරටත් දන්වා තිබෙනවා.