Thu. May 1st, 2025

තරඟ 08යි : ශතක 05යි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (27) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 05වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත් වුණා.

ඒ සිය 08 වන ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරඟය ක්‍රීඩා කරමින්.

පන්දු147කින් ගොඩනැගුණු කමිඳුගේ ඉනිමට හතරේ පහර 12ක් හා එක් හයේ පහරක් ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 445ක් රැස්කරගෙන සිටිනවා.

කමිඳු සමගින් 06වන කඩුල්ලට ලකුණු 43ක සබඳතාවක් ගොඩනගා සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 19ක් රැස්කරගෙන සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *