අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24) සහ හෙට (25) අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මහනුවර, උතුරු මැද සහ වයඹ යන ප්‍රදේශ තුළ අද දින එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනවා.
අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසන්නේ.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද සිට රජයේ පාසැල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි.