සමගි ජන සන්ධානයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ බව පළමුව ප්‍රකාශ වූ ප්‍රකට නිළි දමිතා අබේරත්නගේ නම මේ වන විට එම ලැයිස්තුවෙන් හැලී ගොස් ඇති බව වාර්තා වෙනවා.
පසුගිය දා ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ තමා සමගි ජන සන්ධානයෙන් නාම යෝජනා අත්සන් තැබු බවත් අංකයක් ලැබෙන තුරු සිටින බවත්.
කෙසේ වෙතත් අද දින සමගි ජන සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේ භාර දුන් නාමයෝජනා ලැයිස්තුවේ දමිතා අබේරත්නගේ නම ඇතුළත්ව නැති බව වාර්තා වෙනවා.