භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ වරදකරුවන් වන දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් සියලු දෙනාම එම නඩුවේ 17 වැනි චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. මේ බව විත්ති පාර්ශ්වයට ඊයේ (13) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක විසින් දැනුම් දෙනු ලැබුවා.
එම චෝදනාව වන්නේ ටී-56 වර්ගයේ ගිනි අවියක් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබා ගැනීම හා ඒ සඳහා ආධාර අනුබල දීමත් කුමන්ත්රණයේ යෙදීමත් යන චෝදනාවයි.
එම චෝදනාවට අදාළව ජීවිතාන්තය දක්වා නියම කළ චෝදනාව බලශුන්‍ය බවයි අධිකරණය විත්තිකරුවන්ට දන්වා ඇත්තේ.
වැලිකඩ බන්ධනාගාර රෝහලේ දුමින්ද සිල්වා නමැති විත්තිකරු ප්‍රතිකාර ලබන බවයි බන්ධනාගාරය විසින් අධිකරණයට දැනුම් දී ඇත්තේ. එබැවින් අදාළ නඩුවට එදින ඔහු සහභාගි වූයේ නෑ.