කලාපයේ ආතතීන් වර්ධනය වීම හේතුවෙන් ඇමරිකාව මැද පෙරදිගට සබ්මැරීනයක් පිටත් කර හැර තිබෙනවා.
මාර්ගෝපදේශක මිසයිල සබ්මැරීනයක් මෙලෙස යවා ඇති බවයි වාර්තා වන්නේ.
ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කළේ එම ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ද ඉක්මනින් ඒ දෙසට යාත්‍රා කරන ලෙසට උපදෙස් දුන් බවයි.
හිස්බුල්ලා හා හමාස් නායකයන් ඝාතනය කිරීමෙන් කලාපීය ගැටුමක් ඇති වේ යැයි බියෙන් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහායි ඇමරිකාව මෙම පියවර ගෙන ඇත්තේ.
ඉරානයේ ඕනෑම ප්‍රහාරයකින් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට ඇමරිකාව සූදානම් බව පෙන්වීමේ අරමුණ ඇතිවයි මෙය සිදු වන්නේ.
ඉරාන ජාතිකයන් ඔවුන්ගේ භූමියේදී හමාස් නායක හනියේ ඝාතනය කිරීම පිළිබඳව ඊශ්‍රායලයට දොස් පැවරූ අතර එයට පළි ගන්නා බවට ප්‍රතිඥා දී තිබෙනවා.