වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශ්වයක් මේ වෙන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බැව් වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
වාහන මිලදී ගැනීම හෝ විකිණීම සම්බන්ධයෙන් කිසිවෙකු කලබල වී කටයුතු කිරීමට අවශ්‍ය නැති බවයි එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ කියා සිටින්නේ.
වාහන ගෙන්වීම අත්‍යාවශ්‍ය වී ඇති බවත් වසර කිහිපයක් වාහන නොගෙන්වීම නිසා ක්ෂේත්‍රය කඩා වැටී ඇති බවත් පවස ඔහු වාහන ගෙන්වීම තම පැතුම බව කියා සිටියා. 2025 වසරේ පළමු අදියරේ බස් සහ ලොරි ගෙන්වීමත් පසු අදියරේ අනෙක් වාහන ගෙන්වීමත් කළ යුතු බව කියන සභාපතිවරයා වාහන විකිණීමට කලබල නොවන්නැයි පවසනවා. ජනතාව කලබල වී සිටියද රජය මේ දක්වා නිල ප්‍රකාශ කිසිවක් කර නැති බව අවධාරණය කළා.