Sat. Jun 28th, 2025

“ළමයි කියන හැටියට ඡන්දෙ දෙන්න එපා” තොණ්ඩමන්ගේ ළමයා කියයි

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ පුත්, ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

ඒ අනුව ජනපතිවරණයේදී දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිත කළත්  මහ මැතිවරණයේදි සිය කැමැත්තට අනුව ලංකා කම්කරු කොන්ග්‍රසය කෙරෙහි විශ්වාසය තබා ජන්දය භාවිතා කරන ලෙස ඔහු වතු කම්කරුවන්ගෙන් ඉල්ලා තිබෙනවා.

එක්සත් ජාතික සන්ධානයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයට තරග කරන ජිවන් තොණ්ඩමන් මහතා අද  (16) දින නොර්වුඩ් නිව්වැලි වත්තේදි මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් මේ බව පවසා සිටියා.

ගත වු සිව් වසර තුළ තමන්ට ලැබුණු ප්‍රතිපාදන අනුව වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට කටයුතු කළ බවත් වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට මෙතෙක් අවස්තාව ලැබුණේ එක්සත් ජාතික පක්ෂ රජයන් යටතේ පමණක් බවත් ජිවන් තොණ්ඩමන් මහතා මෙහිදී පවසා තිබෙනවා.

වතුකරය නියෝජනය කරන දේශපාලන පක්ෂ වලට ලැබෙන ඡන්ද ප්‍රතිශතය අඩු කිරීමට ස්වාධීන කණ්ඩායම් කිහිපයක් නියෝජනය කරමින් වතුකරයේ තරුණ කණ්ඩායම් කිහිපයක් කටයුතු කරන බවත් එම කණ්ඩායම් වලට හසු නොවී අලියා සලකුණ දිනවීමට කටයුතු කරන ලෙසත් ඔහු මෙහිදී සඳහන් කර තිබුණා.

ජීවන් තොණ්ඩමන් මහතා මෙහිදී  පවසා සිටියේ කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිටින තම දරුවන් මැතිවරණ කාලයේ නිවසට පැමිණ ඡන්දය අහවල් සලකුණට ලබාදෙන ලෙස පවසා යළිත්  රැකියා ස්ථාන වෙත යන නමුත් වතුකරයේ රැඳී සිටින්නේ වතු කම්කරුවන් බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටා සිටි විශාල පිරිසක් මේ වන විට විවිධ දේශපාලන කණ්ඩායම් වලට බෙදි මහ මැතිවරණයට ඉදිරිපත් වි ඇති බවත් ලංකා කම්කරු කොන්ග්‍රසය කිසි දිනක දේශපාලන වාසි තකා කටයුතු නොකරන පක්ෂයක් බවත් ජිවන් තොණ්ඩමන් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *