Sat. Jun 28th, 2025

“ම‌ගේ වත්කම් ගැන හොයන්න එපා” පියුමි උසාවි යයි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය විසින් තමන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තාවනවා.

පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඇතුළු පිරිසක් මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති බවයි වාර්තාවනනේ.

තමන්ට එරෙහිව සිදුකරන විමර්ශනය ඉතාම අයුක්ති සහගත වන බවත් ඉන් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත් ඇය පෙත්සම් මගින් පෙන්වා දී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *