Fri. Jun 27th, 2025

බිල අඩු නොකරන්න විදුලි බලධාරීන්ගෙන් කුමන්ත්‍රණයක්!

Nov30,2024 #2024 #news #sl economy

මෙතෙක් කර ඇති ව්‍යාපෘති වෙනුවේ බිලියන 300ක් ගෙවීමට ඇති බව පවසා මහාභාණ්ඩාගාරයට සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් වෙත විදුලි බලධාරීන් විසින් ලිපියක් යවා ඇතැයි ද එසේ කර ඇත්තේ විදුලි ගාස්තු අඩුකිරීම මගහැරීමට බවද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික පවසනවා.

‘විදුලිබල මණ්ඩලය පසුගිය අවුරුදු දෙකේදී බිලියන 200කට අධික ලාභයක් ලබලා තියෙනවා. ඒ අනුව මෙවර විදුලි ගාස්තු සංශෝධනයේදී හරිනම් සීයට තිහක තිස්පහක විදුලි ගාස්තු අඩු කිරීමක් කරන්න පුළුවන්.

එහෙම තියෙද්දි දැන් විදුලිබල මණ්ඩලයේ බලධාරීන් පසුගිය ව්‍යාපෘතිවලට බිලියන 300ක ණය ගෙවන්න තියෙනවා කියලා අයි.එම්.එෆ් එකට සහ මහා භාණ්ඩාගාරයට ලිපියක් යවලා. ඇත්තටම කියනව නම් මේ ව්‍යාපෘති අසම්පූර්ණ ව්‍යාපෘති. ඒවායේ බර විදුලි පාරිභෝගිකයන් පිට දමා ගාස්තු අඩු කිරීම නතර කරන්නයි මේ සූදානම් වන්නේ.

මෙහෙම බැලුවොත් එහෙම සීයට හැටකින් විතර විදුලි ගාස්තු වැඩි කරන්න කියලත් මේ අය යෝජනා කරන්න පුළුවන්. ඒ නිසා අසම්පූර්ණ ව්‍යාපෘතිවල බර විදුලි පාරිභෝගිකයන් පිට නොදමා වහාම විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගන්න කියලා අපි බලධාරීන්ට කියනවා. මේ පිළිබඳව වැඩිදුර කරුණු අපි මහජන උපයෝගීතා කොමිසමට වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා.’

කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලේකම්වරයා මෙසේ ද පැවසුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *