ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බවත් ඒ පිළිබඳ අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (23) මල්වතු, අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක මහනුවර ශ්රී දළදා මාලිගාව වැඳපුදා ගත් අවස්ථාවේ දීයි.
පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණය වී තිබෙන බවත් මහ ජනතාවගේ පොදු ආරක්ෂාවට එය තර්ජනයක් වී නොමැති බවත් ජනාධිපතිවරයා එහි දී පැවසුවා.
මෙම පාතාල කණ්ඩායම් දිගු කාලයක් තිස්සේ වර්ධනය වී ඇති බව ද එය දැන් විනාශකාරී ජාලයක් බවට පත්ව ඇති බව පෙන්වාදුන් ජනාධිපතිවරයා එම විනාශකාරී ජාලය සහමුලින්ම මැඬ පවත්වන්නට දැඩි උත්සාහයක් ගන්නා බවත් සඳහන් කළා.
ජාතික ජන බලවේග ආණ්ඩුවට එම කාර්යය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමාට තිබෙන බවත් ජනාධිපතිවරයා එම අවස්ථාවේ දී වැඩිදුරටත් පැවසුවා.