Tue. Jul 1st, 2025

සිගරට් බොනවද? මෙන්න අලුත්ම හෙළිදරව්ව

Jul11,2024
burning cigarette with smoke on black background

දුම් පානයේ බලපෑම හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් 50 – 60ත් අතර සංඛ්‍යාවක් මිය යන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරනවා.

අනුරාධපුර සර්වෝදය ආයතනයේ පැවැති වැඩසටහනක දී එම ආයතනය මේ බව අනාවරණ කළේ.

මෙරට පුද්ගලයින් ලක්ෂ 16 ක් පමණ දිනකට දුම් පානය කරන අතර ඒ සඳහා දිනකට වැය කරන මුදල රුපියල් කෝටි 50 කට අධිකයි.

මෙරට විශාල පිරිසකගේ බෝ නොවන රෝග වලට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ ද දුම් පානය බවත්, දෙවනුවට මධ්‍යසාර භාවිතය හේතුවන බවත් මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ නිලධාරින් මෙහිදී අනාවරණ කළා.

කෙසේ වෙතත් දැනුවත් කිරීම් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් හමුවේ 1995 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලයේ දී මෙරට අළෙවි වන දුම්වැටි සංඛ්‍යාව මිලියන 5200 ක සිට මිලියන 2200 දක්වා අඩු වී ඇත.

බදු වැඩි කිරීම් හා මිළ ඉහළ දැමීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරට දුම් පානය මේ වන විට 9% කින් පමණ අඩු වී තිබෙනවා.

2023 වසරේ දී දුම්වැටි අලෙවිය 19% පමණ අඩු වී තිබෙනවා.

මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, 2019 වර්ෂයේ සංඛ්‍යා දත්ත වලට අනුව දුම්වැටි වලින් ලද බදු ආදායම රුපියල් බිලියන 92.9 ක් වුවත් සෞඛ්‍ය හා ආර්ථිකයට වැයව ඇති මුදල රුපියල් බිලියන 214ක් වන බවයි.

2022 සංඛ්‍යාලේඛන වලට අනුව මෙරට සමස්ථ බදු ආදායමෙන් දුම්වැටි වලින් ලැබෙන බදු ආදායම 06% ක්. මද්‍යසාර මගින් බදු ආදායම ලෙස ලැබී ඇත්තේ 09% ක්. ඒ අනුව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කියා සිටින්නේ, දුම්වැටි හා මධ්‍යසාර මගින් අනෙකුත් බදු ආදායම් වලට සාපේක්ෂව එතරම් ඉහළ බදු ආදායමක් නොලැබෙන බවයි.

කෙසේ වෙතත් 2023වසරේ දී මද්‍යසාර බද්ධ 20% කින් වැඩි කිරීම නිසා එම වසරේ දී මධ්‍යසාර බදු ආදායම රුපියල් බිලියන 11.6 කින් වැඩි වී තිබෙනවා. එමෙන්ම එම වසරේ දී මද්‍යසාර පරිභෝජනය ලීටර් මිලියන 8.3 කින් අඩු වී ඇතැයි ද මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *