Mon. Jun 30th, 2025

කොහුවලට එන්න එපා! පොලිසිය කියයි

Jun14,2024

කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට (15) දිනයේ සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

මාස 02ක කාලයක් අදාළ ඉදිකිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බැවින් එම කාලසීමාව තුළදී මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේ.

අදාළ මාර්ගයේ ගමන් ගන්නා බර වාහන කොහුවල පාලම දෙසට ඇතුල් කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා.

එමෙන්ම හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ කොහුවල මංසන්ධිය අසලින් ධාවනය කෙරෙන බරවාහන කොහුවල පාලම දෙසට ඇතුළු කිරීම සිදුනොකළ යුතු බවයි පොලීසිය දැනුම් දෙන්නේ.

ඒ අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කළ යුතු වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *