Wed. Jun 25th, 2025

නිල ඡන්ද පත්‍රිකා බෙදීම හෙට සිට

තැපැල් දෙපාර්තමේන්තුව වෙත අද ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට (03) සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදු කරනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමට නියමිත බව කොමිසම වැඩි දුරටත් ප්‍රකාශ කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *