Thu. May 1st, 2025

ලකුණු 08කින් 7000 ගහපු දිමුත්

තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 7,000 සීමාව පසුකර යෑමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඊයේ සමත් වුණා.

ඒ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ දෙවන ඉනිමේදී.

කෙසේ වුවත් ඒ ඉනිමේදී ඔහුට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 08ක් පමණයි.

තෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වන විට දිමුත් ලකුණු 6,990ක් රැස්කරගෙන 7,000 කඩයිමට ලකුණු 10ක් පසුපසින් සිටියා.

පළමු ඉනිමේදීම එම කඩයිම පසුකර යෑමට තිබූ අවස්ථාව එක් ලකුණකින් දිමුත්ට අහිමිව ගියා. ඒ එම ඉනිමේ දිමුත්ට රැස්කළ හැකිවූයේ ලකුණු 09ක් පමණක් නිසා.

දෙවන ඉනිමේදී ඔහු ලකුණු 7000 පසු කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000 සීමාව පසු කර ඇත්තේ කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන සහ ඇන්ජලෝ මැතිව්ස් පමණයි.

එසේම ඔහු මෙම කඩඉම පසු කළ ලොව 57 වන ක්‍රීඩකයා ද වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *