ගාලු මුවදොර හැර දමාගිය වාහන සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ කළ ප්‍රකාශය හෙළාදකින බවත් එම වාහන භාවිත කළේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පවසනවා.
හිටපු මැති ඇමැතිවරුන් රජයේ වාහන අවභාවිත කර නොමැති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ හිටපු මැති ඇමැතිවරුන් සිය නිල වාහන මේ වන විට භාරදී ඇති අතර ඒවා මේ වන විට ගාලු මුවදොර නවතා ඇති බවයි.
කිසියම් වාහනයක් සොරකම් කර ඇත්නම් එය අයථා පරිහරණයක් වන බැවින් ඒ පිළිබඳ සොයා බැලිය යුතු බවත් මැති ඇමැතිවරුන්ට වෙන්කර තිබූ වාහන නිල වශයෙන් ලබාදීම අවභාවිතයක් ලෙස සැළකිව නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළා.
වත්මන් රජය වාහන භාවිත නොකර පයින් ගොස් වැඩ කිරීමට අදහස් කරන්නේ නම් ඔවුන්ගේ කැමැත්ත අනුව ඒ සඳහා නිදහස ඇති බවත් ජනතාව රජයෙන් එවැනි ක්‍රියා බලාපොරොත්තු වනවා නම් ඊට අවනත විය හැකි බවත් පසුගිය ආණ්ඩුවෙන් මහජනතාව එවැනි දේ අපේක්ෂා නොකළ බවත් ඔහු වැඩි දුරටත් පැවසුවා.