පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යෝජනා කර ඇත්තේ මින් ඉදිරියට මන්ත්‍රීවරුන් ඇමතීමේ දී ආචාර්ය, මහාචාර්ය වැනි තනතුරු නාම පාර්ලිමේන්තුව තුළ භාවිත නොකළ යුතු බවයි.
කතානායකවරයා පත්කිරීමට අදාළව ඇති වූ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, එකිනෙකා ආමන්ත්‍රණය කිරීමේදී පාර්ලිමේන්තුවේ වෘත්තීය තනතුරු ඉවත් කරන ලෙස යි ඔහු යෝජනා කර ඇත්තේ. ඒවා අදාළ වන්නේ වෘත්තීන්ට පමණක් බව පවසන ඔහු ඒවා සමාජයේ බෙදීම් ඇති කරන බවද කියා සිටියා.
මහාචාර්ය, වෛද්‍ය වැනි ඇමතුම් ඔවුන්ගේ වෘත්තීන්ට විශේෂිත බව ජයවීර මන්ත්‍රීවරයා පවසන්නේ.