Wed. Apr 30th, 2025

රොටී කා ජයගත් හීනේ: දිලිත් පාර්ලිමේන්තුවට!

පසුගිය මහමැතිවරණයෙන් ව්‍යවසායක දිලිත් ජයවීරගේ පක්ෂය වන සර්වජන බලය පක්ෂය වෙත ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් එම පක්ෂයේ නායක දිලිත් ජයවීර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇතැයි වාර්තා වෙනවා.

එම පක්ෂයේ විධායක සභාව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙන අතර සර්වජන බලය මෙවර මැතිවරණයේදී ඡන්ද 178,006ක ප්‍රමාණයක් ලබාගත්තා.

දිලිත් ජයවීර තම ප්‍රචාරක ව්‍යාපාරය පුරා පොදුජනයා අතර ගැවසෙමින් වැඩි වශයෙන් රොටී ආහාරයට ගනු ලැබුවා. මෙය ජනතාව අතර කතාබහට ලක් වුණ සිදුවීමක් වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *